We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Acerca del සද්ධර්ම වර්ෂා|Saddharma Warsha

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

නමෝ බුද්ධාය!

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ...!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් සහිතය.

- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත්, අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා ... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Budismo: el camino a Nirvana ',' sadaham sithuwili සදහම් සිතුවිලි ',' Ven.Kirulapana Dhammawijaya Thero 'සහ' sundhara hudhakalaawa 'යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත්, පින්වත් චානක ලියනගේ මහතාටත් මළුව වැඩසටහන නිෂ්පාදන කටයුතු සිදු කරන පින්වත් සාරද නානායක්කාර මහතාටත්, එම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ... !!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (Aplicación එකක්):

Sugathiyata Maga | සුගතියට මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Novedades de Última Versión 5.0.0

Last updated on 25/01/2023

- Bug fixes.

Traductorio...

Información Adicional de Aplicación

Última Versión

Solicitar සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Actualización 5.0.0

Presentado por

Su Mit Das

Requisitos

Android 5.0+

Available on

Conseguir සද්ධර්ම වර්ෂා|Saddharma Warsha desde Google Play

Mostrar más

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Capturas de pantalla

Idiomas
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Suscrito con éxito!
Ahora estás suscrito a APKPure.
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Éxito!
Ya estás suscrito a nuestro boletín electrónico.